ජනපති-කතානායක අතර හමුවක් අද සවස


 

(තරිඳු ජයවර්ධන )

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක්  අද සවස 5ට පැවැත්වීමට නියමිත බව ආරංච් මාර්ග කියයි.

ආණ්ඩු මාරුව සහ පාර්ලිමේන්තු සැසිය කල් තැබීම ගැන එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ. පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කරන ලෙස ඉල්ලමින් කතානායකවරයා ජනපතිට ලිපි දෙකක් යොමු කර තිබේ.