
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවගෙන් දේපළ බද්ද අය කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බවත් මෙවර අයවැයේදී ජනාධිපතිවරයා ඒ ගැන වචනයක් හෝ නොකියූ බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
2027 වර්ෂයේදී දේපළ බද්ද එන බව බලාපොරොත්තුවෙන් සිටිය යුතු යැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

