ජනපති අගරගුරු බැහැදකී


(රන්ජන් කස්තුරි)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා බැහැදැකීය.
 
පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටියදී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කනගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වට හමුවේ ගෙනක ඇති ඉදිරි පියවර ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේවනවිට කටයුතු කර තිබෙන බවයි.
 
අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.