ජනතාවට කොලේ වහලා විදුලි බිල වැඩි කරන්න සහය දෙන්නේ නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවට කොලේ වහලා සීයට දහ අටකින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අප නම් ඒකට සහය දෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්" යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.

"විදුලි  බිල සියයට 18.3වැඩි කරන්න ආණ්ඩුව ඉල්ලීමක් කර තිබෙනවා.

අයි.එම්.එෆ් එකෙන් ගොඩ ගිය රටක් නෑ කියලා මේ  උදවිය කලින් කිව්වා.ඔබලා පටන් ගත්ත ප්‍රතිසංස්කරණ සියල්ලම රිවස් කරලා තියෙනවා.පුනර්ජනනීය විදුලි බල උත්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා, යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.