
(අංජුල මහික වීරරත්න)
ජනතාවට අහිතකර ලෙස බලපාන කිසිම ඉල්ලීමක් වත් දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.
" අපි රට යාන්ත්‍රීකරණය කලාට අපි යාන්ත්‍රික මිනිසුන් නොවේ.ඒක හොඳින් මතක තබාගන්න.ඒ නිසා සේවක රැකියා පිළිබඳව අප හොඳින් සංවේදී වෙනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ තවත් තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
"අකුරට වැඩ කරන්න ,ලෙඩ නිවාඩු ගන්න කියන්නකෝ.මෙහෙම වැඩ කරන්න බෑ. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කැමති සමාගමකට යන්න පහසුකම ලබා දී තිබෙනවා.
විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන පිරිවැය ඩොලර් සත පහ දක්වා අඩු කර ගැනීම අපේ අරමුණයි. අප ඒ ඉලක්කයට වැඩ කරනවා.
විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවට අප තවමත් විශ්වාස කරනවා. ඒ සඳහා අපට ප්‍රභවයන් තියෙනවා. සුළඟ, සූර්ය බලය සහ ජල විදුලිය තියෙනවා.හැබැයි ප්‍රභවයෙනුත් අවභාවිතාව සිදුවුණා යැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

