
( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
පල්ලෙවෙල බෝරුක්ගමුව කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ගල් තලාවක් කැඩීමට කරන ලද ඉල්ලිමක් සම්බන්ධයෙන් ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ අද( 6 ) පෙරවරුවේ පරීක්ෂණයක් පැවැත්වුණු අතර අවසානයේ ජනතා් විරෝධතාවය ජයග්‍රහණය කරනු ලැබීය.
ප්‍රදේශයේ ගල් කැඩීීමේ ස්ථානයක් පවත්වාගෙන යනු ලබන අයකු විසින් කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ගල්තලාවක් කැඩීම සඳහා අවසර ඉල්ලීම හේතුවෙන් මෙම ජනතා විරෝධය එල්ල වී තිබිණි .
මෙම ගල් කුල කඩා දැමුවහොත් ඒ අසළ පදිංචි ජනතාවට ජලය නොමැතිවීම හා ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියට බාධා පැමිණීම හා කුකුල්නාපේ ප්දේශයේ ජනතාවට නායයාමේ අවධානමක් පවතින බව කීයමින් ජනතාව සිය විරෝධතාවය එල්ල කරනු ලැබීය
මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍ය ඛාණිජ වැලි හා පතල් කාර්යාංශය , පරිසර අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මීරිගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු තරංග විජේවික්‍රම මහතා මෙම පරීක්ෂණයට එක් විය . නුංගමුව පොලිස් ස්ථානාධි පතිවරයා ඇතුළු නිලධාරින්ද මේ අවස්ථාවට එක්ව සිටියහ .


