(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජංගම දුරකථන හිමිකරුවන්ගේ සිම්කාඩ් පත් සදහා ත්‍යාග හා මුදල් ඇති බව පවසමින් එම පිරිස වංචනිකව රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් වල තොරතුරු උපක්‍රමශීලි ලෙස ලබා ගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කල කණ්ඩායමක හය දෙනෙකු පුත්තලම කරඹ හා පාලවිය ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය හා කරඹ ප්‍රාදේශ වල පදිංචි අවුරුදු 18ත් 25 ත් අතර තදින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වු සැකකරුවන් පිරිසක් හා මෙම පිරිස මෙම ජාවාරමට යොමු කරමින් ඒ සදහා කටයුතු කල 37 හැවිරිදි මත්ද්‍රව්‍ය ඇතුළු චෝදනා රැසකට අවස්ථා ගනනාවකදි බන්ධනාගාර ගතවු පාලවිය ප්‍රදේශයෙ පදිංචිකරුවෙකු බව කියයි.
කලක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සදහා අත් අඩංගුවට ගත් සැකකරුවන් පිරිසට වැඩි විශාල සංඛ්‍යාවක් මෙම ජාවාරම පුත්තලම දිස්ත්‍රික්කයෙ විවිධ ප්‍රදේශ වල සිට මේ වන විටත් රට පුරාම ක්‍රියාත්මක කරමින් ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකක කල විමර්ශන වලදි හෙළිව තිබේ.