(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුවට පාර්ශවයට ලැබෙන්නේ 10% ක ඡන්ද ප්‍රතිශතයක් බව ආණ්ඩුවේම බුද්ධි අංශ පවසා තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඡන්දය කල් දැමීමට හේතුව එය බව ද නලින් බණ්ඩාර මහතා කීය.
ගෝඨාභය කලෙට එහා ගිය දෙවෙනි සුනාමියක් එන බව කී නලින් බණ්ඩාර මහතා රටේ භූ කම්පනයක් වී හානියක් වීම වැළැක්වීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතු බව පැවසීය.

