ඡන්ද නාමලේඛනයේ නම ඇද්දැයි සොයා බලන්න


2019 ඡන්ද නාමලේඛනයේ තමන්ගේ නම ලියාපදිංචි වී ඇද්දැයි සොයා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

නම ඡන්ද නාමලේඛනයේ ඇද්දැයි ග්‍රාම සේවා නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස දැනගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

ඡන්ද නාමලේඛනයේ නම නොමැති අයෙක් වේ නම් සැප්තැම්බර් 19 වැනි දා ට පෙර ඒ පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.