( රංජන් කස්තුරි)
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීතී හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ‘ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන ‘ නමින් එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
වසරකට වරක් පමණක් වන ලෙස සකස් කරන ඡන්දහිමි නාමලේඛණයට අමතරව නව නීතිය යටතේ පරිපූරක ඡන්ද හිමි නාමලේඛන 3ක් දසකස් කළ යුතු බව එම පනත් කෙටුම්පතේ සදහන් වේ.

