චෙස් ශූරයෝ දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදි රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසල් සිසුහු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවර ඉකුත් 13 සිට 21 දක්වා පැවැත්විණි. 

කොළඹ රාජකීය විද්‍යාලයේ විනුක විජේරත්න රන් පදක්කම් 02 ක් ද , මාතර සුජාතා විද්‍යාලයේ හොසිත්මි පෙහන්සා සමරවීර රන් පදක්කමක් ද, රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයේ ඉලීෂා උමන්දි මුදළිගේ රන් පදක්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලේන් බිම්සත් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්හ.