
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චීනයේ චෙන්දු නගරයේ කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට එම කොන්සල් ජනරාල් කාරයාලය බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළේය.
නවසීලන්තයේ මහ කොමසාරිස් කාර්යාලය පටන්ගත් බවත් වසා තිබූ සයිප්‍රසයේ කොන්සල් ජනරාල් කාර්යාලයද විවෘත කළ බවත් අමාත්‍යවරයා කීය. ඔහු මෙසේ පැවසුවේ විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

