චීන විදේශ අමාත්‍ය ජූනි මස ශ්‍රී ලංකාවට


( තිළිණි ද සිල්වා )

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා  ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ආසියා කලාප වල සිදු කරන සංචාරයක කොටසක් ලෙස චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

විදේශ ඇමති වැන්ග් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සමඟ අන්තර්ජාල රැස්වීමක් ඇමතූ අතර එහිදී ඔහු කොවිඩ් වසංගතය පිටුදැකීම සහ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ කලාපීය සහයෝගීතාව පිළිබඳව සෙසු රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළේය.