(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහිදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කීවේ
චීනයේ සාම්ප්‍රදායික සන්සුන් ව්‍යායාම ක්‍රමයක් වන Thai Chi මඟින් සෞඛ්‍ය සහ සාමය ප්‍රවර්ධනය කිරීමත්, විවිධ සංස්කෘති අතර එකමුතු බව සහ මනස වැඩිදියුණු කිරීමත් මූලිකවම අරමුණු කෙරෙන නිසා එය මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
එම අවස්ථාවට චීන තානාපති කී ශැන්හොන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහත්වරුද සහභාගී වූහ.