චීන ජාතිකයන්ට වීසා ගන්න චීන සමාගමකට කැබිනට් අනුමැතිය


(රංජන් කස්තුරි)

චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම ආදී කටයුතු කර දීම සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් සමාගමේ සේවය ලබාගැනීමට රජය අවසර දී තිබේ.

චීන සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන්ට විද්‍යුත් ගමන් අවසර ලබා දීමේ ක්‍රමවේදය දැනට ඉංග්‍රසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක කරන හෙයින් ඔවුන්ට අපහසුතාවලට මුහුණ පෑමට සිදුව ඇති හෙයින් එම ක්‍රියාමාර්ගය ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව චීන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම සඳහා ඔවුන්ට සහාය වීම පිණිස එම පෞද්ගලික නියෝජිතායතනයක් වන එම ආයතනයට අවසරය හිමිවේ.