(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයා අනෙකුත් රියදුරන් උසි ගන්වමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජමාධ්‍ය ජාලා ඔස්සේ සහ එම අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණ වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙකි

