චිත්‍රසිරි වාර්තාව නොදුන්නාට ජනපති කාර්යාලයට නඩු


(සුජිත් හේවාජුලිගේ)

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කෙරුණු චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නඩු පැවරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය තීරණය කර ඇත.

මෙම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදී කාලයක් ගත වී ඇතත් මෙතෙක් ප්‍රසිද්ධ කර නැතැයි එම සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.

මෙම කමිටුවේ වාර්තාව ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පතක් යොමු කළ අවස්ථාවේදී එවැනි වාර්තාවක් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දුන් බව  ඔහු ප්‍රකාශ කළේය.