(ඉන්දිකා රාමනායක)
රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී ශබ්ද සිහිත නළා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන බස් රථ ඇතුළු වාහන වල රියදුරන්ට ජූලි මස 1 වැනිදා සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
වාහනවල සවිකර ඇති මෙම නළා සහ ආලෝක රටා ඉවත් කර කිරීම සඳහා සියලූ වාහන වලට සහ මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාද සහභාගී විය.
මහජනයාට ඝෝශාකාරී නළා සහිත බස් රථ, මෝටර් රථ, වෑන් රථ ති‍්‍රරෝද රථය, යතුරු පැදි ඇතුළු වාහන පදවන රියදුරන්ට විරුද්ධව නඩු පැවරීමෙන් පසු රුපියල් 3000 සිට 5000 නොඅඩු දඩයක් නියම කර ඇති බවත් හෙතෙම කීය.
කර්කෂ ඝෝෂාකාරී ද්විත්ව ස්වර නළා නාද කරමින් වාහන ධාවන කිරීම නිසා මාර්ගය පරිහරණය කරන සහ වාහනයේ ගමන් ගන්නා මහජනයා අපහසුතාවට පත්කරමින්, භිය උපදවන, කරදරයක් වන අයුරින්, රථ ධාවන කරන රියදුරන්ට රුපියල් 10,000 සිට 20,000 ට නොඅඩු දඩයකට යටත් කළ හැකි බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඉහත වරද යටතේ ගැනෙන නළා ශබ්ද කරමින් රථ ධාවන කිරීම නිසා යම් පුද්ගලයකුට තුවාල සිදුවන අවස්ථාවක එම රියදුරුට රුපියල් 10,000 සිට 20,000 ක නොවැඩි දඩයක් සහ මාස 2 ට නොවැඩි කාලයක සිරදඩුවම් සහ රියදුරු බලපත‍්‍රය අත්හිටුවීමට අධිකරණයට බලයක් ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඉහත වැරදි යටතේ යම් කිසි පුද්ගලයකුට බරපතල තුවාල සිදු වුවහොත් රියදුරුට අමතරව රථයේ ලියා පදිංචි හිමිකරුට ද රුපියල් 25,000 සිට 35,000 නොවැඩි දඩයකට හා මාස 6 ක නොවැඩි සිරදඩුවමක් හා රියදුරු බලපත‍්‍ර අත්හිටුවීමටද අධිකරණයට හැකියාවක් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
ඉහත වරද යටතේ නලා ශබ්ද කරමින් ගමන් කර පුද්ගලයකුට මරණය සිදුකරන අවස්ථාවක වාහන පදවන රියදුරාට හා ලියාපදිංචි අයිතිකරුට රුපියල් 50,000 සිට 75,000 ට නොවැඩි දඩයක් හා වසරකට නොවැඩි සිරදඩුවමක්, රියදුරු බලපත‍්‍රය අත්හිටුවීමට අධිකරණයට බලය ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.
මෝටර් වාහන පනතේ අනුව යම් නලාවක තිබිය යුත්තේ තනි ස්වරයක් පමණක් බවද කීය.
තනි ස්වරය නලාවක් වුවත් එය ඉදිරිපස සිට මීටර් දෙකක් ඇතුළත ශබ්දය පරික්ෂා කිරීමේ දී එය ඩෙසිබල් 93ට නොඅඩු විය යුතු බවත් වාහනයේ ඉදිරිපස සිට මීටර් 07 ක් ඇතුළත ශබ්දය ප‍්‍රමාණය ඩෙසිබල් 105 නොඅඩු බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
ආරක්ෂක අමාත්‍යාශය මේ සඳහා ශබ්දය මැනීමේ උපකරණ 200 ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රධානය කර ඇති බවද පැවසේ.
තවද මෝටර් වාහන වල ආලෝක සංඥා නිමි නිමී දැල්වෙන රටාවලින් යුත් ආලෝක සංඥා පාවිච්චි කළ හැක්කේ මෝටර් රථයේ ඉදිරිපස හා පිටුපස ඇති සිග්නල් ලයිට් දෙක සඳහා පමණක් බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම කරුණු වලට පටහැනිව කටයුතු කරන රියදුරන්ට රුපියල් 2500 සිට රුපියල් 25000 දක්වා දඩ නියම කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

