ඝාතනයට ලක් වු ගාල්ලේ කොස්තාපල්ට ජනපති අවසන් ගෞරව දක්වයි


(රවී ලියනගේ) 


මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු  ගාල්ල  උඩුගම  ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   අද (02) ඔහුගේ නිවසට පැමිණියේය.


මෙම අවස්ථාවට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

 මේ අතර පොලිස්පති පුජිත ජයසුන්දර මහතාද  අද එහි ගොස් කොස්තාපල්වරයාට අවසන් ගෞරව දැක්වීය.