(අජිත්ලාල් ශාන්තඋදය)
සමනල ස්වභාව රක්‍ෂිතයේ වෙසෙන ‘වන ගෝනෙකුගේ’ මස් ළගතබා ගත් බවට වරද පිළිගත් සැකකරුවෙකුට රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රෝෂිණී ජනිතා පෙරේරා මහත්මිය රුපියල් 30,000 ගෙවන ලෙස නියෝග කළාය.
මෙසේ දඩ නියමවුයේ රත්නපුර, ගල්ලෑල්ල, උඩගලඩ අංක 15 ලිපිනයේ පදිංචි, ගලබඩ කංකානිගේ වජිරසිරි නන්දකුමාර යන අයටය.
සමනල ස්වභාව රක්‍ෂිතය භාර අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ මහතාගේ උපදෙස් මත සමනල අඩවිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරු ‘වන ගෝන මස්’ සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
වනසත්තව හා තුරුලතා පනතට අනුව වන ගෝනා ආරක්‍ෂිත ක්‍ෂීරපායි සත්ත්වයෙක් බව ද වනජීවී නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේය.