බිඟුන් මේනක ගමගේ
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක තවත් නඩුවක් ගොනු කර ඇතැයි ඒ.පී පුවත් සේවය වාර්තා කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට හිංසනය භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බව එහි දැක්වේ.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් මීට පෙර ගොනු කළ අතර දෙමළ ජාතික තරුණයකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නමැති සංවිධානය කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබිණ.

