ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙ මස 22 දා සිට දිනපතා විභාග කරන්නැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කළැයි ඔහුට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව අද (17) විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී කැදැවිණි.
(36698)