ගොවියාගේ පලිය මිරිස් කොටුවෙන් අරන්


(සී. එම්. ආරියපාල)

නොච්චියාගම රන්කෙත්ගම අක්කර බාගයක ඵල නෙළමින් තිබූ මාළු මිරිස් වගාවකට කිසිම් පිරිසක් වල් නාශක ඉස විනාශකර කර ඇතැයි එම ගොවියා කියයි.

මෙලෙස වගා බිම විනාශකර දමා ඇත්තේ අංගමුව ජලාසයට ඉහලින් පිහිටි ඉඩමක මිරිස් කොටුවකටය.

මෙම මාලු මිරිස් වගා කළ ගොවි මහතා මෙවර යල් කන්නයේදි රුපියල් ලක්ෂ 06 ක් පමණ වැය කොට මෙම මාලු මිරිස් වගාව ආරම්බ කළ බව පවසයි.

මෙම වගාවෙන් පලමු අස්වැන්න ඉකුත්දා මාලු මිරිස් කිලෝ 500 පමණ ලබා ගත් බව ගොවි මහතා පවසයි.

අනික් මුරයට අස්වැන්න ලබාගැනීමට ආසන්නව තිබියදි කිසියම් පුද්ගලයන් කීපදෙනකු පැමිණ හතර වතාවකට වල් නාශක ඉස ඇතැයි ගොවි මහතා පවසයි.්‍ මෙහි රාත්‍රි කාලයේ කිසිවකු නොසිටන බවද පැවසීය.