ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


(අංජුල මහික වීරරත්න)

මහ කන්නෙ ගොයම් කහ  පැහැ වීමට හේතු අටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම්  ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව සති දෙකක් තිස්සේ කරන ලද නිරීක්ෂණයට අදාල වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දුන් අතර එම වාර්තාවේ මේ බව සඳහන් වේ.

 පොස්පරස් (P)  ඌනතාවය, පොටෑසියම් (K)  ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K)  එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැල මැක්කාගේ Rice Thrift  හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity)  යන තත්ත්වයන් ගොයම කහ වීමට හේතු බව අනාවරණය කරගෙන ඇත.

කෙසේ වුවද ගොයම් කහ පැහැවීම වලක්වා ගැනීමට  ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම්  කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස  අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.