
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පළවිය.
මෙසේ අනුමැතිය හිමිවූයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 11වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 1984 වසරේ සිට ක්‍රියාත්මක වුවද, එම ආයතනය මේ වන තෙක්ම පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර නොමැති බැවින් ආයතනයට පැවරී ඇති රාජකාරි ,වගකීම් සහ සේවාවන් නිසි පරිදි ඉටුකිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට නීතිමය තත්වයක් ලබාදීම මෙම යෝජිත පනතින් අපේක්ෂා කෙරේ.

