
(චන්ද්‍රසේන ගමගේ)
හුංගම පොලිස් වසමේ රන්න නගරයට ආසන්නව ගොඩනැගිලි උපකරණ අළෙවි සලක හිමිකරුවකුට ඊයේ රාත්‍රී වෙඩිතබා ඝාතනය කොට ඇති බව පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 10ත් 11 ත් අතර සිදු වන්නට ඇතැයිද පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් ව්‍යාපාරිකයාගේ හිසට බරපතල හානි සිදුව තිබුණු බවද පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 52 වැනි වියේ පසු වූ එක් දරු පියෙකි.
මිය ගිය වෙළදසලේ හිමිකරු බිරිඳ හා දියණිය සමග වාසය කරන්නේ වෙළදසල පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉහළ මහලේය.
මිය ගිය ව්‍යාපාරිකයා වෙඩි වැදී මිය ගොස් තිබුණේ එම ගොඩනැගල්ලේ පසුපසය.
ව්‍යාපාරිකයාට අයත් ලොරි රථයක ඩීසල් කිහිප විටක් හොරෙන් ගෙන තිබුණු බවත් එම ලොරි රථය පරීක්ෂා කිරීමට යන අතර තුරදී මෙම වෙඩි තැබීම සිදු වූ බවත් මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් දැන ගන්නට තිබේ.
මිය ගිය ව්‍යාපාරිකයාට අයත් බවට සැලකෙන පතොරොම් තුවක්කුවක් ඔහු ජීවත් වූ උඩු මහලේ බිම වැටි තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
එම ගිණි අවියට අයත් යැයි සැලකෙන ගිණි අවියේ කොටසක් සිරුර ආසන්නයේ තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.


