ගෙවත්තකින් විදෙස් ගිනි අවියක්-පතුරොම් හමුවෙයි


( කුෂාන් ජයවර්ධන)

කහටගස්දිගිලිය ප්‍රද්ශයේ ගෙවත්තක තිබී විදේශීය රටක නිෂ්පාදිත ගිණි අවියක් හා පතොරම් තොගයක්  ඇතුලු පාර්සලයක් සොයා ගැනීමට කහටගස්දිගිලිය පොලිසිය සමත්ව තිබේ.

කහටගස්දිගිලිය පොලිස් වසමට අත් කිරිඉබ්බෑව ප්‍රෙද්ශයේ ගෙවත්තක තිබී එම ගිණී අවිය හා පතොරම් තොගය සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

තම ගෙවත්තේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට එම නිවැසියා පොලිසියට සිදුකර තිබූ දැනුම් දීමක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සිදුකල සෝදිසියකදී විදේශීය රටක නිෂ්පාදිත එම ගිනි අවිය ඇතුලු පතොරම් තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

ගෙවත්තේ හිමිකරු මාසයකට ආසන්න කාලයක් එම නිවසෙන් පිටව ගොස් සිට ඇති බවත්, ඔහු තම ගෙවත්තේ සැකකටයුතු පාර්සලයක් ඇති බව දුටු බවට  ඊයේ(05) මධ්‍යම  රාත්‍රියේ  පොලිස් හදිසි ඇමතුම් අංශ්‍යට දන්වා තිබූ බවත් පොලිසිය කියයි

නිවෙස් හිමියා පොලිසියට කර තිබූ එම දැනුම් දීම මත එහි ගිය කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදුකර තිබිණ. පොලිසිය සිදු කළ එම පරීක්ෂාවේදී සොයාගත් සැකකටයුතු පාර්සලයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිණී අවිය ඇතුළු පතොරම් තොගය සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.

පොලිසිය සොයා ගත් එම පාර්සලයේ තිබී විදේස් රටක නිෂාපදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ පතරොම් හිස් කොපු  21ක් ද, T 56 ගිනි අවියට භාවිතා කරන පතරොම් 19ක් ද ෙසොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.