ගුවනේදී හිමි නමගේ මුදල් සොරකම් කළ චීන ජාතිකයන් දෙදෙනා අල්ලයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් , ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .

දීගල්ලේ මහින්ද හිමි ගුරු වෘත්තීයේ නිරත , මහනුවර , පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරති . මෙම හිමියන් ඊයේ(25)  දින උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය කටුනායක බළා ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී , සිය ශරීර කෘත්‍ය සදහා වැසිකිළියට ගොස් ඇති අතර , එම ඇසිල්ලේ ගුවන් යානය තුළ වූ චීන ජාතිකයන් දෙදෙනෙකු , උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ , එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ .

ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පළා ගොස් තිබූ අතර මේ පිළිබද වැඩිදුර සොයා බැළීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නොමැත .