(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රීලංකන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා ඇත.
දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය වෙබ් අඩවිවල ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය
මෙම ටෙන්ඩර් කටයුතු වලට මැදිහත්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශයයි. මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 120 ක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

