(නිමල කොඩිතුවක්කු)
නවීන තාක්ෂණය සිය ශ‍්‍රාවකයින්ට සමීප කරමින් ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ‍්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (5) පස්වරුවේ ආරම්භ කෙරිණ.
ඒ අනුව ගූගල් ප්ලේ ස්ටෝ හෝ ඇප් ස්ටෝ වෙත ගොස් මෙම යෙදවුම ජංගම දුරකථනයට බා ගත කර ගැනීම මගින් ශ‍්‍රාවකයන්ට මෙම අවස්ථාව හිමිවේ.
දශක නමයක් තිස්සේ රටට විශාල සේවයක් කළ ආයතනයක් වූ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංසථාව අලුත් තාක්ෂණයට යොමු වීම ශ‍්‍රාවකයන්ට වඩාත් පහසුවක් වනු ඇතැයි මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
රජයේ ආයතන නවීකරණය වීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පෞද්ගලික ආයතන වලට ආදර්ශයක් වෙමින් තාක්ෂණය නිවැරදිව යොදා ගනිමින් එම කටයුතු සිදුවිය යුතු බවත් පෙන්වා දුන්නේය.
දෙස් විදෙස් ශ‍්‍රාවකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිරියෙදී ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ තවත් පරිවර්ථන ඇති කිරීමට කටයුතු කරන බවත් ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ සභාපති මාලක තල්වත්ත, අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ක‍්‍රියාකාරි අධ්‍යක්ෂ හෙරල් සේනාධීර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)







