ගුවන් යානා අනතුර ගැන පුළුල් පරීක්ෂණයක්


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්  Y-12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය.

එම පරික්ෂණයෙන් පසු මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12  සැහැල්ලු  ගුවන් යානය   හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වීම ස ඳහා ගුවන්හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ මූලිකත්වයෙන්  පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.
 
එම සාමාජිකයින් මේ වන විට අනතුර සිදු වූ ස්ථානයට ගොස් පරීක්ෂණ  කටයුතු සිදු කරමින් පවතී

( ඉන්දිකා රාමනායක)
 
.