ගුවන් අනතුරින් මියගිය සිව්දෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදෙයි


(සමන් පාලිත නානායක්කාර )

බදුල්ල මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අද (04) සවස හපුතලේ  ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවා ඇතුළු නිලධාරීන් හතර දෙනාගේ සිරුරු ඥාතීන්ට බාරදුන් බව හපුතලේ පොලිසිය කියයි.

නියමු අසුනේ සිටීම හේතුවෙන් ගුවන් නියමුවා හඳුනාගත් බවත්, ගෙල බැඳි රන් මාලයක් හේතුවෙන් තවත් නිලධාරියකුත්, දන්ත වෛද්‍යවරයකුගේද සහාය ඇතිව දත්වලින් අනික්  නිලධාරීන් දෙදෙනාත් හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සිරුරු ගුවන් මඟින් අදාළ නිවෙස් වලට රැගෙන යන ලදී.