(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ගුවන් අනතුරින් මියගිය සිව් දෙනාගේ සිරුරු මහේස්ත්‍රාත් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බදුල්ල මහ රෝහල වෙත ගෙන ආ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්විය.
රජයේ රස පරීක්ෂකවරුන් ද පරීක්ෂණ සිදු කළේය. සිරුරු හඳුනා ගැනීම සඳහා බදුල්ල මහ රෝහලේ තබා ඇති අතර හෙට (4) සිරුරු ඥාතීන්ට බාරදෙන බවද පොලිස් ස්ථානාධිපති සාගර දයාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

