(නිශාන්ත කුමාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම හේතුවෙන් අද උදැසන පාසලට පැමිණි දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මව්පියෝ පැවැසූහ.
පාසලට ඇතුළත් වීමේ ප්‍රධාන ගේට්ටුව වසා දමා ඉබේ යතුරු යොදා තිබෙනු දැකගන්නට ලැබිණි.
පාසල් අසලදී හමුවූ දරුවන්ගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔවුන් පවසා සිටියේ අද දින පාසල නොපැවැත්වෙන්න බැවින් තමුන්ට ආපසු නිවෙස් බලා යෑමට සිදුව ඇති බවකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමව්පියන් කියා සිටියේ අද දින පාසලට එකදු ගුරුවරයකු හෝ නොපැමිනෙන බව දැන ගන්නට ලැබීම නිසා උදැසන පාසල වෙත රැගෙන ආ තම දරුවන් යළිත් නිවෙස් කරා රැගෙන යන බවය.
මේ සම්බන්ධයෙන් අප ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක රෝහිත අමරදාස මහතාගෙන් විමසීමට කීප විටක්ම උත්සාහ කළ ද එතුමාගේ දුරකථනය ක්‍රියා විරහිතව තිබිණි. තවදුරටත් එතුමා සම්බන්ධ කර ගැනීමට ඌව පළාත් අධයාපන දෙපාර්තමේන්තුවට ඇමැතුමක් ලබා ගත්තද අධ්‍යක්ෂකවරයා ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ රැස්වීමකට ගොස් සිටි බව දැනගන්නට ලැබිනි.
වියළුව කලාපයට අයත් අති දුෂ්කර පාසැලක් වන බෝගහපතන විද්‍යාලයේ සිසු දරු දැරියන් එකොළොස් දෙනෙකු අධ්‍යාපනය ලබන අතර විදුහල්පතිවරයාද ඇතුළුව ගුරුවරුන් තිදෙනකු සේවය කරති.
එහෙත් විදුහල්පතිවරයා මේ වන විට අනතුරකින් තුවාල ලබා වෙනත් පාසලකට අනුයුක්ත කර සිටින අතර එහි සේවය කළ තවත් ගුරුවරියක් ද ප්‍රසූතයට සූදානම් වන බැවින් අද (11) දින සිට වෙනත් පාසලකට අනුයුක්ත කොට ඇත.
ඉතිරි වූ අනෙත් ගුරුවරයාද අද දින අසනීප නිවාඩුවක් යොදා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ දෙමව්පියෝ කීහ.
පාසලේ මුරකරු සිටින බව දැනගන්නට ලැබුණද ඔහුට හමුවීමටද නොහැකි විය.පාසැල ඊයේ (10) දින පැවැති අතර සාමාන්‍ය පරිදි ගුරුවරු දෙදෙනෙකු සේවය සදහා පැමින සිටියහ.
‘‘ හරිම අමාරුවෙන් ගමට ලැබුනු පාසැල. වැදල කියන්නම් වහන්නනම් එපා‘‘ යැයි පාසැල ඉදිරිපිටට පැමිනි දෙමාපියෝ හා ගුරුවරු පවසන්නට වූහ.