ගිලන් රියක් - බසයක් ගැටී 4ක් රෝහලේ



 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හොරණ පොකුණුවිට කුළුපන ප්‍රදේශයේ අද (01) සවස රෝගියෙකු රැගෙන යමින් තිබූ හොරණ නගර සභාවට අයත් ගිලන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගිලන් රථයේ ගමන් ගත් රෝගියා , රියදුරු සහයකයා සහ තවත් අයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය බණ්ඩාරගම දෙසට සහ බස් රථය හොරණ දෙසට ධාවනය වෙමින් තිබී ඇති බව පොලිසිය කියයි.