
(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ටිපර් රථයේ තට්ටුවේ හැපීමෙන් ගිලන් රථයට දැඩි හානි සිදුවී ඇති බවත් එහි රෝගීන් දෙදෙනකු සිටිය ද එම රෝගීන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවද පොලිසිය කියයි.
ගිලන් රථයේ සිටි රිය සහයක සහ උපස්ථායක ද සුළු තුවාල ලබා ඇති බව ද පොලීසිය කියයි.
දියතලාව මූලික රෝහලට අයත් ගිලන් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.
ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලේ රෝගීන් දෙදෙනකු බදුල්ල මහ රෝහල වෙත රැගෙන ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබේ. ගිලන් රථ රියදුරු ගේ හිසට සහ අතකට වූ තුවාල හේතුවෙන් ගිලන්රථ රියදුරුගේ තත්ත්වය බරපතළ වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


