ගිරිබාව රෝහලත් වසයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොරෝනා වයිරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග  ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බළධාරියෙක් පැවසිය .

මෙසේ කොරෝනා ආසාධිතව මෙසේ මරණයට පත්වි ඇත්තේ වරාවැව පදිංචි 68 හැවිරිදි කාන්තාවක් බව කියයි.

අදාල කාන්තාව දින කිපයකට පෙර කැස්ස හා සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි ඇත.

ගිරිබාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව අසාධ්‍ය විමත් සමග තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති අතර එහිදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයකින් මෙම කාන්තාව කොරෝනා ආසාධිත ව සිටි බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සමගම කොරෝනාවෙන් මරණයට පත්වු මෙම කාන්තාව හේතුවෙන් ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි රෝගින් වෙනත් ආසන්න රෝහල් වෙත මාරු කර යැවිමට කටයුතු කිරිමට සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වි ඇති බව කියයි.

ගිරිබාව රෝහලේ  ‍සේවකයන් 30 කට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිසිආර් පරික්ෂණ කරන අතර පරික්ෂණ වාර්තා එන තුරු ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ .