ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි)

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අවියක්, පතරොම් 11ක් සහ පතරොම් ගැබ් 2ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව හා බදුවත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 හා 38 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

බදුවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුගේ නිවෙස  පරීක්ෂා කිරීමේදී පොලිසිය විසින් මෙම ගිනි අවිය, මැගසින් සහ උණ්ඩ සොයාගනු ලැබීය.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර් ශන සිදුකරයි.