ගිණුම් වාර්තා නොදුන්නොත් දේශපාලන පක්ෂ 18ක් ලැයිස්තුවෙන් ඉවතට


(දයාසීලි ලියනගේ)
 
මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත් පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
 
වර්ෂ 2019 සඳහා ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසම කරන ලද දැනුම්දීම අනුව අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ ගිණුම් වාර්තා ඉදිරිපත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
 
ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 74කි.
 
ඒවායින් 18ක් හැර ඉදිරි දේශපාලන  පක්ෂ ගිණුම් වාර්තා ඉදිරිපත් කර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.