ගෑස් හිඟය ගැන කැබිනට් මණ්ඩලයෙත් අවධානයට


(අජන්ත කුමාර අගලකඩ)

මේ දිනවල පවතින ගෑස් හිඟය අද (05) පැවැති කැබිනට් රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

ගෑස් නැව් කිහිපයක් පැමිණෙමින් තිබෙන බැවින් ඉදිරි දින කිහිපයේදී එම තත්ත්වය මගහැරී යනු ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

සෞදි ආරාබියේ ගෑස් ටැංකිවලට එල්ල වූ ඩ්‍රෝව ප්‍රහාරයෙන් පසුව ගෑස් ප්‍රවාහනය එරට රජය විසින් සීමා කිරීම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවද ඇමැතිවරයා සඳහන් කර තිබේ.