ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි


(අංජුල මහික වීරරත්න)

කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ.

ගැම්බියාව ශ්‍රී ලංකාව මෙන් කෘෂිකාර්මික වශයෙන් කුඩා රටක් වුවත් රටකජු, කජු ආදී වගා රැසකින් ස්වයංපෝෂිත වී ඇතැයි ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපති මුස්තාපා ජවාරා මහතා කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය.

ගැම්බියාවේ වගා කරන කජු ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කර විශාල ආදායමක් උපයන බවද තානාපතිවරයා සදහන් කළේය.ගැම්බියාවේ ගංගා ඉවුරු දෙපස බහුල වශයෙන් කජු වගා කර ඇති බවත් ඔහු කීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙරට කජු වගාවේ  පසුබෑමක් වීමට හේතුව වැඩි අස්වැන්නක් ලබා දෙන නව කජු විශේෂ හඳුනා ගැනීමට පියවර නොගැනීම බවයි. එමනිසා ගැම්බියාවේ කජු වගා තාක්ෂණය  යොදා ගැනීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගැම්බියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.