ගැබිනි මව් සායනයට යන මුවාවෙන් ‘අයිස් ‘විකුණලා


(රංජිත් රාජපක්ෂ)                

ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවලතබා යන අඹුසැමි යුවලක් (26) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගෙන අඹුසැමි යුවළක් යතුරු පැදියකින් ගොස් ගම්පොළ, නාවලපිටිය යන ප්‍රදේශවල  අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් කණ්ඩායමක් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිළ නිවස අසළදී ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පරික්ෂා කිරිමේදි ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 ක් තිබි සොයා ගත් බව පොලිසිය කියා සිටියේය.

ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52 පැකට් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල තිබි සොයා ගත් බවත්, එක් අයිස් පැකට්ටුවක් රු.7000ක් වැනි මුදලකට අලෙවි කරන බව දැනට කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කියයි.