ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්


(නිමල කොඩිතුවක්කු)
 
ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
 
ත්‍රිවිධ හමුදාව, ආපදා කළමණාකරන අංශ හා අනෙකුත් පාර්ශව සම්බන්ධ කරගනිමින් එම කාර්ය සාධක බලකාය පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.
 
ග්‍රාම නිලධාරි වසම් 14,000ක් ආවරණය වන පරිදි එක් ගමකට එක් වැවක් බැගින් තෝරා පිළිසකර කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
වාරිමාර්ග අමාත්‍යාංශය සහ එම ආයතනවල ප්‍රධානීන් සමග අමාත්‍යාංශයේදී  පැවැති සාකච්ඡාවක දී රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.