ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලෝක බැංකුවෙන් ණයක්


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත වී ඇතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ග්‍රාමීය හා ඊට අනුබද්ධිත කෘෂිකාර්මික සේවා දියුණු කීරීමට වෙනුවෙන් හිමිවන මෙම මුදල ඉතා කඩිනමින් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.