(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස අමරාගොඩ හන්දියේ ගරාජයක් තුළ විශාල ගසක් කඩා වැටීම නිසා එහි සිටි දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වාහන අලුත්වැඩියා කටයුතුවලට ආ අය මෙම අනතුරට පත්ව ඇත.
ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය නිසා මෙම ගස කඩා වැටී ඇතැයි ද පොලිසිය කියයි.
තුවාලකරුවන් රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

