ගල්කිස්ස අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නවත්වයි


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළට කොරෝනා රෝගීන් ඇතුළු වී ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක්  නීතීඥවරුන්  නඩුවලට පෙනී නොසිටීමෙන් අද(26) දිනට නියමිත නඩු කල් දැමීමට පියවර ගෙන ඇත. 
 
ගල්කිස්ස දිසා අධිකරණය මහේස්තාත් අධිකරණය හා අංක එක අධිකරණයේ නඩු ලෙස කල් තබා තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදාළ දැන්වීම් අධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ ප්‍රදර්ශනය කර ඇත. නඩු කල් තබා ඇතත් කාර්යාල කටයුතු නිසි පරිදි සිදුකරනු  ඇත.