(යොහාන් භාසුර)
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සපයාගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණය ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරි මාස තුන තුළ ගල්අඟුරු නෞකා 21 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7 න් නෞකා 5 ක් මේ වන විට ගොඩබා ඇති අතර ඉතිරි නෞකා දෙක මෙම මස තුළ ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල්අඟුරු නෞකා 33 ක් ලබාගත යුතුව බවත් එම නිලධාරියා කීය.
බැංකුවලින් ලැබෙන ණය පහසුකම්වල ප්‍රමාණය අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන බවත් විදුලිය අවම කප්පාදුවකින් ලබාදීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

