ගල් අඟුරු ටොන් 120000 නිදහස් කරගනී


(යොහාන් භාසුර)

ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවා නිදහස් කරගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එම ගල් අගුරු තොගයට ඩොලර් මිලියන 38 ක මුදලක් ගෙවු බව ද අමාත්‍යවරයා කීය. 

මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ගෙවීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් දින පහක පමණ කාලයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබුණි.