(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමසීම සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු ලබන 9 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට කැඳවනු ලැබ සිටිති.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතය.
ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ලබන 8 වෙනිදා රැස්වීමට නියමිත අතර එහිදී එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව විමර්ශනයට ලක් කෙරේ.

