ගම්පහින් කොරෝනා ආසාදිතයන් 359ක් වාර්තාවෙයි


(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන්  359 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ඒ අතරින් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ දිවුලපිටියෙනි. එම සංඛ්‍යාව 73 දෙනකි.

මහරින් 61 ක් , බියගමින් - 39 ක්, දොම්පෙන් - 38 ක් , සීදූවෙන් - 29 ක් , රාගමින් - 20 ක් , ගම්පහ සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් 18 දෙනකු බැගින්ද , මීරිගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 16 දෙනකුද හමුව ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන  හයෙහි ඇදන් 511 න් ඇදන් 461ක් පිරී තිබූ බවද කීය.